27 C
Colombo
18/01/2025

මියන්මාර හමුදා පාලකයන්ට එරෙහිව දහස් ගණනින් වීථි බසිද්දී Internet සේවා අත්හිටුවයි

Share with your friends :

මියන්මාරය Internet සේවා සියල්ල අත්හිටුවා තිබේ. මීට පෙර එරට Facebook, Instagram, Twitter ඇතුළු සමාජ ජාල මියන්මාර හමුදා පාලකයන් විසින් අත්හිටුවා තිබිණි. එහෙත් වෙනත් ක්‍රම මගින් ජනතාව සමාජ ජාල වලට පිවිසීම නිසා මෙසේ අනතර් ජාල සේවා අත්හිටුවීම සිදු කර තිබේ.
මේ වන විට එරට හමුදා පාලනයට එරෙහිව දස දහස් ගණන් ජනතාව වීථි බැස විරෝධතා පවත්වන අතර එම විරෝධතා බාහිර ලෝකයට වාර්තාවීම වැලැක්වීම සඳහා මෙසේ අන්තර් ජාල සේවා අත්හිටුවා තිබේ.
මේ වන විට එරට දහස් ගණන් ජනතාව වීථි බැස ඉල්ලා සිටින්නේ හමුදා පාලකයන් වහාම ඉවත්වී රට තුල ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසටය. එසේම දැනට රඳවා ගෙන සිටින ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් නිදහස් කරන ලෙසද ජනතාව ඉල්ලා සිටිති.

Share with your friends :