27 C
Colombo
18/01/2025

එළවළු මිල ඉහල යාමෙන් ජනතාවට දැඩි දුෂ්කරතා

Share with your friends :

එළවළු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
වෙළඳපොලට අවශ්‍ය තරම් එළවළු තොග නොලැබීම මීට හේතුවී තිබේ.මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා කිලෝව රුපියල් 220ත් 240ත් දක්වාද , මාලු මිරිස් කිලෝව රුපියල් 450ත් 500ත් කැරට්, මෑකරල්, බන්ඩක්කා, තක්කාලි, බෝංචි, කිලෝව රුපියල් 200ත් 240ත් අතර මිලකටද, ලික්ස්, ගෝවා, නෝකොල්, කිලෝව රුපියල් 160ත් 180ත්, අතර මිලකටද වම්බටු, පතෝල, එලබටු, වැටකොලු කිලෝව රුපියල් 250ත් 280ත් අතර මිලකටද කරවිල කිලෝව රුපියල් 350ත් 370ත් අතර මිලකටද දෙහි කිලෝව රුපියල් 300ක් වැනි මිලකටද අලෙවි කෙරේ.
මේ තත්වය නිසා එළවළු අලෙවියද ශීග්‍රයෙන් පහල ගොස් තිබේ.

Share with your friends :