හමුදා කුමන්ත්රණයකින් මියන්මාරයේ බලය අල්ලා ගත් එරට හමුදාව විසින් දිගින් දිගටම එරට දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම සිදු කරමින් පවතී. මේ වන විට එරට නායිකාව වන අවුන්සාන් සුකී සහ ඇයගේ ප්රජාතන්ත්රවාදී ජාතික කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ගනනාවක්ම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කවර ස්ථානයක රඳවා ගෙන සිටින්නේදැයි තවමත් අනාවරණය වී නොමැත.
මේ අතර ලොව පුරා රටවල් ගනනාවක් මියන්මාරයේ වහාම සිවිල් පරිපාලනය පිහිටුවා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙස හමුදා පාලකයන්ට බල කර ඇත.ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මියන්මාරයේ හමුදා පාලකයන් වෙත පවසා ඇත්තේ වහාම බලය අත්හරින ලෙසත් දැනට රඳවා ගෙන සිටින දේශපාලකයන් හා නිලධාරීන් වහාම නිදහස් කරන ලෙසත්ය.
එසේ නොකළහොත් දැඩි සම්බාධක පනවන බව ඇමරිකා එක්සත් ජනපදය දැඩි ලෙස අනතුරු හඟවා තිබේ.