කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබා ගැනීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව සහ ජපානය විසින් ශ්‍රීලංකා රජයට දැනුම් දී ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
එම රටවල ශ්‍රීලංකාවේ තානාපති කාර්යාල හරහා මේ බව දන්වා ඇත.මෙහිදී එම රටවල් පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ජනතා විරෝධය මත ලබා නොදුන් ආකාරයටම බටහිර පර්යන්තයද ජනතා විරෝධතා ඇති වූවහොත් එයද ලබාදීම නතර විය හැකි බවයි.එමෙන්ම බටහිර පර්යන්ත සම්බන්ධයෙන් තමන් උනන්දුවක් නොදක්වන බව මේ දෙරටම පවසා තිබේ.
එසේම මේ ආකාරයට ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත්විය හැකි නම් දැනට ශ්‍රීලංකාවේ වරායන් සම්බන්ධයෙන් සෙසු රටවල් සමග ඇති කර ගෙන තිබෙන ගිවිසුම් ද අහෝසි කර ගැනීමට හැකි බවද එම රටවල අදහස වී තිබේ. මේ වන විට මෙම ප්රශ්නය ජාත්‍යන්තර ගැටළුවක් බවට වර්ධනය වෙමින් පවතින අතර එය විදෙස් ආයෝජන සඳහාද ඍජු බලපෑමක් එල්ල කෙරෙනු ඇත.