27 C
Colombo
19/01/2025

පඬුවස්නුවරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනක් හිටියත් හෙට්ටිපොල ක්‍රීඩාංගනය කොටඋඩ

Share with your friends :

මෙරට ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත් කිරීම සඳහා 2018 දී වැඩ ආරම්භ කල හෙට්ටිපොල මහජන ක්‍රීඩාංගණය මේ වන විට කිසිදු කාර්යයක් සඳහා යොදා ගත නොහැකි ආකාරයට පත්කර වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ හෙට්ටිපොල මහා විද්‍යාලයේ සිසුන්ට හා එම ප්‍රදේශයේ මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන්ව තිබු හෙට්ටිපොල මහජන ක්‍රීඩාංගනය , හෙට්ටිපොල ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත් කිරීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් 2018 වසරේදී තීරණය කරන ලද්දේ රුපියල් 48,793,945 ක වියදමෙනි.
මේ කටයුතු සිදුවුනේ එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ දයාසිරි ජයසේකරගේ ක්‍රීඩා පරිපාලනය යටතේය. ඒ සඳහා වූ කොන්ත්‍රාත්තුව 2018 වසරේ මාර්තු මාසයේ ප්‍රදානය කරන ලද්දේ ජයසිංහ නමැති කොන්ත්‍රාත් සමාගමකටය.මේ මුදලට කුමක් සිදුවුනේද යන්න බරපතල කාරණයකි.
මෙම ක්‍රීඩාංගනය පිහිටි හෙට්ටිපොල නගරය අයත් වන්නේ දයාසිරි ජයසේකර මහතා සංවිධායක ධුරය දරන පඬුවස්නුවර ආසනයටය. කෙසේ වෙතත් මේ වන විට එය ඉදිකිරීම අතරමග නතරවී තිබේ. ඉදිකර ඇත්තේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරය පමණි. ක්‍රීඩාගාරය ඉදිකිරීමේදී පාරේ කොටසක්ද භාවිතා කර එය ඉදි කිරීම නිසා ජනතාව අපහසුවට පත්ව තිබේ. මේ කටයුතු අතරමග නතර කිරීම නිසා අද ජනතාවට වෙනත් කටයුතු වලට පවා ක්‍රීඩාංගනය භාවිතා කිරීමට නොහැකිවී තිබේ.
මේ වන විට පඬුවස්නුවර ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිති. ඒ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර , ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගුණපාල රත්නසේකර සහ සමගි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් යන මහත්වරුය.
මේ තිදෙනාටම මේ සම්බන්ධයෙන් පියවරක් ගත හැකිව තිබේ. මේ නිසා මේ ක්‍රීඩාංගනය ප්‍රදේශවාසීන්ට වැඩක් ගත හැකි ආකාරයට පත් කරදෙන ලෙස ප්‍රදේශයේ ජනතාව මේ ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිති.

Share with your friends :