27 C
Colombo
18/01/2025

ක්‍රිකට් දියුණු කරන්න අරවින්ද,මහානාම,මුරලි හා සංගක්කාර පත් කෙරේ

Share with your friends :

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක කමිටුවට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණතම ක්‍රීඩකයන් සිව් දෙනකු පත්කර තිබේ. හිටපු පිතිකරු අරවින්ද ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම එහි කාර්යභාරය වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික උපදේශක කමිටුවට මෙම කමිටු සාමාජිකයින්ගේ නම් ඇතුළත්කර ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා විසින් යෝජනා කර ඇත. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීමට හා පුහුණු කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම මෙම කමිටුවෙන් බලපොරොත්තු වන බව ක්‍රීඩා ඇමතිවරයා පවසා තිබේ.

Share with your friends :