27 C
Colombo
19/01/2025

ශ්‍රීලංකාව ගැන ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

Share with your friends :

ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත එහි මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.මිෂෙල් බැෂෙලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යවා තිබේ.
රජයේ සම මාධ්‍ය ප්‍රකාශක බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසන්නේ ” වර්තමාන රජය කෙරෙහි ද්වේෂසහගත දැක්මකින්, තම විෂය පථයට අදාළ නොවන ලෙස එම වාර්තාව සකසා තිබීමත් චෝදනා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් යන කරුණු හේතුවෙන් රජය ඇයගේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දී ඇති අතර, එහි අන්තර්ගතය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතනු ලබන අවස්ථාවේ දී ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පවසන ආකාරයට සංකල්පීය වශයෙන් ප්‍රධාන කාරණා 2ක් කියා ඇතැයි ද 30.1 සහ 40.1 යන යෝජනාවලින් ලබාදුන් විෂය පථයට පටහැනිව මේ වාර්තාව සකස් කර තිබෙනවා ,එම වාර්තාවේ පිටු දාහතරහමාරක් තිබුනට එම විෂය පථයට අදාළව ඇත්තේ පිටු දෙකහමාරක් පමණයි,
අනෙක් සියල්ල තම විෂය පථයට පටහැනිව, වර්තමාන ආණ්ඩුව පිළිබඳ ද්වේෂසහගත ලෙස සකස්කර තිබෙනවා ,දෙවැනි කාරණාව වන්නේ වාර්තාවේ නගා තිබෙන චෝදනා පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වී තිබෙනවා, ” යනුවෙනි.

Share with your friends :