27 C
Colombo
23/02/2025

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනාවෙන් මිය යයි

Share with your friends :

කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේත් වෛද්‍ය ක්ෂේත්‍රයේත් කැපී පෙනුණු චරිතයක් වූ ඒ මහතා මිය යන විට 89 වන වියෙහි පසුවිය. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නිර්මාතෘවරයා වුයේ ඔහුය.
ඔහු කොරෝනා වැළඳීමෙන් පසුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබාදුන් අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට පසුගියදා ඇතුලත් කර තිබිණි.

Share with your friends :