ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ කීර්ති නාමයට හානි කරන අන්දමේ විවිධ තොරතුරු බෙදාහරින කණ්ඩායමක් සම්බන්ධයෙන් එහි සේවකයන් විසින් එහි අංශ ප්‍රධානීන් දැනුවත් කර ඇතැයි එම ආයතනයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ පසුගිය වසර අගදී සේවයෙන් විශ්‍රාම ගිය ශ්‍රීලංකා ටෙලිකොම් ඉහල නිලධාරිනියක් , පසුගිය වසරේ විශ්‍රාම ගිය වෘත්තීය සමිති ප්‍රබලයන් දෙදෙනෙකු හා දැනට විනය චෝදනා එල්ලවී ඇති තවත් ටෙලිකොම් සේවකයෙකි.
මෙම පිරිස් ආයතනය සම්බන්ධයෙන් විවිධ අභූත චෝදනා එල්ල කරමින් විවිධ ලිපි ලේඛන රජයේ ඉහලම පුද්ගලයන්ට හා විවිධ කාර්යාල වෙත යවා තිබේ. එසේම ආයතනය තුල සේවකයන් අතරද මේ පිරිස් විවිධ චෝදනාත්මක ලිපි හුවමාරු කරමින් සිටින බවද පැවසේ.