27 C
Colombo
19/01/2025

ඉන්දීය මහ කොමසාරිස් වරාය ප්‍රශ්නයට ජනාධිපති-අගමැති-විදේශ ඇමති හමුවෙයි

Share with your friends :

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවි කොළඹ වරායේ පර්යන්ත ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දියාව සහ ජපානය සමග එක්ව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා 2019 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා රජය සමග ත්‍රයිපාර්ශ්වික ගිවිසුමකට එළඹ තිබුණි.
එහෙත් එම පර්යන්තයේ කොටස් 49%ක් චීන සහ ජපාන පාර්ශ්ව වෙත වසර 35කට පැවරීමට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දැක්වූ විරෝධය හමුවේ රජය තම තීරණය වෙනස් කර තිබේ.
ඒ වෙනුවට, බටහිර පර්යන්තය ජපාන හා ඉන්දීය රජයන් විසින් නම්කරනු ලබන පාර්ශවයන් සමග එක්ව සංවර්ධනය කර ක්‍රියාත්මක කිරිමට තීරණය වි තිබේ.
මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 85 ක කොටස් වසර ති පහකට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවද වරාය වෘත්තීය සමිති
මේ වන විට විරෝධය දක්වන්නට පටන්ගෙන තිබේ.

Share with your friends :