27 C
Colombo
19/01/2025

ලොව ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බේසෝස් Amazon CEO තනතුර අත්හරී

Share with your friends :

ලොව ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බේසෝස් ඔහුගේම ව්‍යාපාරය වන ලොව ප්‍රකට ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සමගම ඔහු එම සමාගමේ විධායක සභාපති ධුරය භාරගෙන ඇති අතර ඊට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ ඒ මගින් තමන්ගේ අනෙකුත් කටයුතු සඳහා කාලය හා ශ්‍රමය වැය කරන්නට හැකියාව ඇති වන බවයි.
ඇමසෝන් ව්‍යාපාරය ජෙෆ් බේසෝස් විසින් දැනට තිස් වසරකට පමණ පෙර ආරම්භ කර ඇත්තේ ඔහුගේ නිවසේ ගරාජයේය. ඇමසෝන් ප්‍රධාන විධායක තනතුරට ඇන්ඩි ජැසී පත් කර ඇත. ඔහු දැනට ඇමසෝන් ක්ලවුඩ් සමාගමේ ප්‍රධානියාය.
දැනට 57 වන වියෙහි පසුවන ජෙෆ් බේසෝස් 1994 දී ඇමසොන් ඔන් ලයින් පොත් සමාගම ආරම්භ කලදා සිට ඇමසෝන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කල අතර මේ වන විට ලොව පුරා ලක්ෂ 13 කට වැඩි පිරිසක් ඇමසෝන් සමාගමේ සේවය කරති.
2020 වසරේදී සමාගමේ ලාභය දෙගුණයක් වූ අතර ඊට හේතුව කොරෝනා වසංගතය නිසා ජනතාව වැඩි වශයෙන් ඔන්ලයින් මිලදී ගැනීම් සඳහා යොමු වීමය.

Share with your friends :