27 C
Colombo
19/01/2025

පුවත ගැන අගමැති අවධානය-ටයිල් හා නාන කාමර කට්ටල ආනයන තහනම ඉවතට

Share with your friends :

ටයිල් හා නාන කාමර කට්ටල සඳහා පනවා තිබු ආනයන තහනම ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් channelnewslanka.com වෙබ්අඩවිය විසින් පසුගිය ජනවාරි 31 වැනිදා ” නාන කාමර කට්ටල-ටයිල් දැවැන්ත හිඟයක්-මිල තුන්ගුණයකින් නගී-ලක්ෂ පහකට රැකියා අහිමිවෙලා” යන ශීර්ෂපාඨය යටතේ රජයේ අවධානය යොමු කරවන ලදී.
විදෙස් රටවලින් නාන කාමර කට්ටල හෝ උපාංග ආනයනය තහනම් කිරීම නිසා එම කර්මාන්තයේ සහ ඊට අදාල ක්ෂේත්‍රවල රැකියාවල නියුතු ලක්ෂ පහක පමණ පිරිසක් ආදායම් මාර්ග අහිමිවී දැඩි ලෙස අසරණව සිටිති. එසේම එම භාණ්ඩවල දැඩි හිඟයක්ද රට තුල ඇතිවී තිබේ. මේ හේතුවෙන් රටපුරා එම භාණ්ඩ අලෙවිසල් දහස් ගනනක් වැසී යමින් පවතී.මේ තත්වය මත ඔවුන්ගෙන් යැපෙන තවත් ලක්ෂ ගනනක් දරු පවුල් අසරණ වී සිටිති.
මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කල අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ ආනයන තහනම ඉවත් කර තිබේ.
සබැඳි පුවත
නාන කාමර කට්ටල-ටයිල් දැවැන්ත හිඟයක්-මිල තුන්ගුණයකින් නගී-ලක්ෂ පහකට රැකියා අහිමිවෙලා

Share with your friends :