27 C
Colombo
19/01/2025

රුසියාවේ පුටීන් විරෝධී උද්ඝෝෂණවලදී පන්දහසක් අත්අඩංගුවට

Share with your friends :

රුසියාව පුරා පුටීන් විරෝධී උද්ඝෝෂණ වලදී පන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. රිසියානු රජය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් විපක්ෂ නායක ඇලෙක්සි නවලිනි නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භවී ඇති මෙම උද්ඝෝෂණවලට රුසියාව පුරා නගරවල දසදහස් ගණන් ජනතාව එක්ව සිටිති. එරියාවේ මොස්කව් අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවා නවතා දමා ඇති රුසියානු පොලීසිය මොස්කව් නගර මධ්‍යස්ථානයද අවහිර කර තිබේ.
නවලිනි වස ශරීර ගත කර ඝාතනය කරන්නට උත්සහ ගත් බවට චෝදනා එල්ලවී ඇත්තේ රුසියානු ජනාධිපති පුටීන්ටය. සිහිසුන්ව ජර්මනියට රැගෙන ගිය නවලිනි එහිදී යන්තමින් දිවි බේරා ගත්තේය. යලිත් ජර්මනියේ සිට රුසියාවට පැමිණි ඔහු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී.

Share with your friends :