27 C
Colombo
19/01/2025

කොවිඩ් මරණ ආදාහනය ගැන ඇමරිකානු සෙනෙට් සභිකයකුගෙන් රවිනාථට ලිපියක්

Share with your friends :

‘කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටී.
ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ හිටපු සම සභාපතිවරයා වන මොහු අදාළ ලිපිය යවා ඇත්තේ 2021 ජනවාරි 27 වැනිදාය.
ක්‍රිස් වැන් හොලන් මහතා යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.
මම ශ්‍රීලංකා ජනතාවගේ දීර්ග කාලීන මිතුරෙකු වෙමි. මා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අදහස් අනුව මෙසේ ඔබ අමතමි .
කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමිදානය සහ ආදාහනය යන දෙකටම අවසර ලබා දී තිබෙනවා, කොවිඩ්-19’ ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය බවට පත් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. මේ නිසා කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බල කර සිටිනවා, මේ නිසා මියයන ජනතාවගේ ගෞරවය,සංස්කෘතිය හා ආගමික සිරිත් විරිත් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ගේ ගෞරවය රැකෙන පරිදි අදාළ කටයුතු කරන ලෙස මා ශ්‍රීලංකා රජයෙන් ඉල්ලා සිටිමි.

Share with your friends :