27 C
Colombo
24/11/2024

බී.විජේරත්න යලිත් වරක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට ?

Share with your friends :

ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු හා හිටපු ආමාත්‍යංශ ලේකම්වරයකු වන බී.විජේරත්න මහතා නැවත වරක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල පවතින ගැටලුකාරී තත්වය සමනය කර ජනතාවට යහපත් සේවාවක් ලබාදීම සඳහා මෙම පත් කිරීම සිදුකිරීමට නියමිත බව පැවසේ.
විජේරත්න මහතා මීට පෙරද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස සේවය කළේය. එම කාලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඔහු විසීන් පූර්ණ තිසංවිධානයකට ප්‍රතිසංවිධානයකට ලක් කළේය. ජාතික ඵලදායිතා ස්වර්ණ සම්මානයද එම දෙපාර්තමේන්තුව විසින් එම කාලයේ දිනා ගත්තේය. ඔහු කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද තවත් රාජ්‍ය ආයතන රැසක ප්‍රධානියා ලෙසටද මීට පෙර කටයුතු කර තිබේ.

Share with your friends :