27 C
Colombo
19/01/2025

නැගෙනහිර පර්යන්තය ගැන පක්ෂ කීපයක් විමල්ගේ නිවසේ සාකච්ඡාවක

Share with your friends :

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිළ නිවසේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයන් සහභාගි වී ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර,ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ,ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න,යුතුකම කවයේ නායක ගෙවිඳු කුමාරණතුංග ,අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි ,ලංකා වතු කම්කරු සංගමයේ නියෝජිතයින් මේ සඳහා සහභාගිවී තිබේ.
ඒ සඳහා එකඟ කැබිනට් පත්‍රිකාවක් සදුදා දින ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ද ඔවුන් මෙහිදී සාකච්ඡා කරන තිබේ. කෙසේවෙතත් මේ ඇය අතුරින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පමණක් කැබිනට් මණ්ඩලය නියෝජනය කරති. එම නිසා මේ තිදෙනාගේ විරෝධය එම යෝජනාව පරාජය කිරීම සඳහා ප්‍රමාණවත්ද යන්න ගැටළුවක් වී තිබේ.

Share with your friends :