27 C
Colombo
24/11/2024

ජර්මනිය 2022 වසර සඳහාත් කොවිඩ් මර්දන එන්නත් ඇනවුම් කරයි

Share with your friends :

ජර්මනිය තම රට වැසියන්ට 2022 වසර සඳහා අවශ්‍යය වන කොවිඩ් මර්දන එන්නත් දැනටමත් ඇනවුම් කරමින් පවතින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසනවා. එරට සෞඛ්‍ය සේවකයින් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජර්මනියේ මිලියන 83ක ජනගහනයෙන් මේ වන විටත් මිලියන 2.3ක ජනතාවකට එන්නත්කරණය සිදු කර ඇති බවයි. කොවිඩ්-19 වසංගතයෙන් තම රටේ ජනතාව මුදවා ගැනීමට පූර්වරක්ෂාවක් ලෙස මෙලෙස එන්නත් ඇනවුම් කිරීමට තීරණය කළ බව ජර්මානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

Share with your friends :