ෆ්‍රෙඩී ලොව උසම සුනඛයා ලෙස ගිනස් ලෝක වාර්තාවට එක්වුණේ 2016 වසරේදීයි. මෙම සුනඛයාගේ උස 226cmක් වනවා. ෆ්‍රෙඩී ජීවත් වුනේ එංගලන්තයේ. අවුරුදු 8ක් වයසැති මෙම සුනඛයා මිය ගියේ ජාත්‍යන්තර සුපිරි තරුවක් ලෙසට පත් වූ සුරතල් සතෙකු ලෙසින්. සුනඛයාගේ අයිතිකරු සඳහන් කළේ ෆ්‍රෙඩී ලොව උසම සුනඛයා පමණක් නොව වඩාත්ම ආදරණීය හදවතක් ඇති සුනඛයා ලෙස තමන්ට හැඟෙන බවයි.