27 C
Colombo
19/01/2025

තායිවානය ස්වාධීන වුවහොත් යුද්ධයක් ඇතිවේවි – චීනය අනතුරු අඟවයි

Share with your friends :

තායිවානය ස්වාධීනත්වය ලබා ගැනීමට දරන ඕනෑම උත්සහයක් ”යුද්ධය” බව පවසමින් චීනය අනතුරු අඟවනවා. චීනය මෙලෙස අනතුරු ඇඟවීම් සිදු කලේ අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් තායිවානයට සිය කැපවීම සහ සහයෝගය තහවුරු කිරීමත් සමඟයි. කෙසේවෙතත් අමෙරිකාව චීනයේ එම අනතුරු ඇඟවීම ඉතා අවාසනාවන්ත තත්වයක් ලෙස සඳහන් කරන අතර තායිවාන ජනාධිපති ත්සායි ඉංග්‍-වෙන් සඳහන් කරන්නේ දැනටමත් තායිවානය ස්වාධීන රාජ්‍යයක් බවත් චීනයේ එවැනි ප්‍රකාශ අනවශ්‍ය බවයි. 1949 චීන සිවිල් යුද්ධයෙන් පසුව චීනය සහ තායිවානය වෙනම රජයන් පිහිටුවාගනු ලැබුවා.

Share with your friends :