27 C
Colombo
24/11/2024

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට යුරෝපා සංගමයේ පූර්ණ අනුමැතිය

Share with your friends :

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සඳහා භාවිත කිරීමට යුරෝපා සංගමය අද පූර්ණ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ට මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බව සඳහන්. යුරෝපා සංගමය මීට පෙර ෆයිසර් බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත සඳහා අනුමැතිය ලබා දී තිබුනා. ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා එන්නත එම සංගමය විසින් අනුමැතිය ලබා දුන් 3වන කොවිඩ් මර්දන එන්නත බවට පත්වනවා.

Share with your friends :