27 C
Colombo
19/01/2025

ආර්ජන්ටිනා ජනපති කොරෝනා සහන දෙන්න ධනවතුන්ට විශාල බද්දක් පනවයි

Share with your friends :

ආර්ජන්ටිනාව එරට ධනවතුන්ගෙන් කොරෝනා ආධාර ව්‍යාපෘති සඳහා විශේෂ බද්දක් අයකිරීම ආරම්භ කර තිබේ. එක්වරක් පමණක් අයකරන මෙම බද්ද MILLIONAIRES TAX ලෙස හඳුන්වයි.
කොරෝනා ආසාදිතයනට ප්‍රතිකාර කිරීමට හා කොරෝනාවෙන් කඩාවැටුණු ව්‍යාපාර සඳහා සහන ලබා දීමට මේ බද්දෙන් ලැබෙන මුදල් වැය කෙරේ.
එරට පෙසෝ මිලියන 200 ට වැඩි වත්කම් ඇති පුද්ගලයන් මෙම බද්ද ගෙවිය යුතුය. එය එරට පුද්ගලයන් 12,000 කට වැඩි පිරිසකට බලාපයි. ඔවුන් ආර්ජන්ටිනාව තුල තමන්ගේ වත්කම් වල වටිනාකමෙන් සියයට තුනක් සහ විදෙස් රටවල ඇති වත්කම්වල වටිනාකමෙන් සියයට පහක් ලෙස මෙම බද්ද ගෙවිය යුතුවේ.
මෙම බද්ද මගින් ඩොලර් බිලියන තුනක මුදලක් උපයා ගැනීමට එරට රජය අපේක්ෂා කරයි.
ආර්ජන්ටිනාව කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පහර කෑ රටකි. එරට ජනතාවගෙන් සියයට හතලිහක්ම අන්ත දුප්පතුන්ය. විරැකියා ප්‍රතිශතය සියයට 11 කි.
නව බද්ද පැනවීමත් සමග එරට ජනාධිපති අල්බෙර්ටෝ ෆර්නාන්ඩස් සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත්ව සිටී.

Share with your friends :