27 C
Colombo
19/01/2025

මහනුවර සී-ප්ලේන් ගොඩ බෑ ස්ථානයේ මාරක වලක් – මහාමාර්ග ඇමතිතුමනි පාර සාදා දෙන්න

Share with your friends :

මහනුවර මාවිල්මඩ කලක් තිස්සේ සී ප්ලේන් ගොඩ බෑ ස්ථානයේ දැවැන්ත වලක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් මහනුවර , මාවිල්මඩ ,ප්‍රධාන බස් මාර්ගයේ දුටුගැමුණු මාවතේ කොටසක් ගිලා බැස දැවැන්ත වලක් සහිත මරඋගුලක් නිර්මාණය වී තිබේ. මහනුවර වටපුළුව හරහා මාවිල්මඩ බස් මාර්ගයේ මෙම දැවැන්ත වල සෑදී තිබේ. මෙම වලට වැටුණු පසු එය කෙලින්ම මහවැලි ගඟට සම්බන්ධ අතර ප්‍රධාන මාර්ගයේ සියට අඩි 40 ක් පමණ ප්‍රපාතයක් ලෙස අදාළ වල සෑදී තිබේ. සී ප්ලේන් ගොඩබෑමෙන් ඇතිවූ කම්පනය හා දෙදරීම නිසා මෙම දැවැන්ත වල නිර්මාණය වී තිබේ.
මෙම දැවැන්ත වලට වාහනය සමග වැටී පුද්ගලයකු මියගොස් ඇති අතර කිසිවකු හෝ ඊට වැටුනද සොයා ගැනීමට නොහැකි තරම් එය ගැඹුරුය. රාත්‍රියට මෙම වල නොපෙනෙන අතර ඒ හේතුවෙන් රාත්‍රියට මාර්ගයේ ගමන් ගන්නා වාහනයක් ඊට වැටුනද සොයා ගත නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.
මේ මාර්ගය වහාම පිළිසකර නොකළහොත් කුමන මොහොතක හෝ මගී බස් රථයක් පවා ඊට වැටෙන්නට පවා ඉඩ ඇතැයි ජනතාව පවසති. මේ නිසා වහාම මේ මාර්ගය පිළිසකර කරන්නට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් හා මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගෙන් ඉල්ලා සිටිති.

Share with your friends :