මෙරට ප්‍රධාන පෙලේ කාන්තා සහ පුරුෂ රූප ලාවන්‍ය නිෂ්පාදන , සැම පැහැපත් කරන ක්‍රීම් වර්ග ,ශරීර ශක්තිය වැඩි කරන ඖෂධ , ශරීරයේ බර අඩු කරන ඖෂධ හා food supplements විදෙස් රටවලින් ගෙන්වා මෙරට අලෙවිකරණ ආයතනයක් විසින් කලක් තිස්සේ සිදු කරන ලද රේගු බදු වංචාවක් අනාවරණය කර ගන්නට ශ්‍රීලංකා රේගුව සමත් වී තිබේ. වසර ගනනක් තුල මෙසේ වංචා කර ඇති මුදල රුපියල් කෝටි ගණනකි.
මෙම සමාගම විසින් අදාළ සැබෑ මිල ගණන් වලට වඩා අඩු මිල ගණන් ඉදිරිපත් කරමින් අඩු රේගු බදු ගෙවා තිබේ. එහෙත් මෙම සමාගම අදාළ නිෂ්පාදන මෙරට වෙළඳපොලේ ඉතාම අධික මිලගණන් වලට අලෙවි කරන බව සඳහන්ය.
මෙම සමාගම ඖෂධ අලෙවිය හා නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර ගනනාවකටද මෑතකාලීනව පිවිස ඇති බවද සඳහන්ය.