නයිජීරියාවේ ජනාධිපති මුහමඩ් බුහාරි විසින් එරට සියලු හමුදා ප්‍රධානීන් නොරපා හැර තිබේ. යුද , ගුවන් , නාවික හමුදාපතිවරු හා ඒකාබද්ධ හමුදා ප්‍රධානියා මෙසේ ඉවත්කර තිබේ. මෙසේ නෙරපා හැර ඇත්තේ ඔහු ජනාධිපති ධුරයට පත් වූ පසු ඔහු විසින්ම 2015 පත් කල හමුදා ප්‍රධානීන්ය. එසේම නව ප්‍රධානීන්ද සියලු හමුදාවන් සඳහා පත් කර තිබේ.
කෙසේ වෙතත් මොවුන් මෙසේ ඉවත් කිරීමට හේතුව තවමත් පැහැදිලි නැත.
පසුගිය කාලය පුරා එරට පැහැර ගැනීම් , ත්‍රස්තවාදී ක්‍රියාවන් ඉහළයාම මෙම ඉවත් කිරීම් වලට හේතුව බවට විශ්වාස කෙරේ.
