27 C
Colombo
19/01/2025

ඩොලරය සහ බදු ස්ථාවර නම් අඩු මිලට බඩු දෙන්නම් – අනයනකරුවෝ බන්දුලට කියති

Share with your friends :

ඩොලරයේ අගය ඉහළයාම හා බදු ඉහල යාම සිදු නොවන්නේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් ලබාදීමට හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇමතිවරයා සහ ආනයනකරුවන් අතර පැවති සාකච්ඡාවකදීය.
මේ අතර ඉදිරි මාස 6ක කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ආනයනකරුවන්, නිෂ්පාදකයන් හා වෙළඳ ආයතන අතර ගිවිසුම් අත්සන් තැබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් රජය මගින් පනවන පාලන මිල පවා ඇතැම් ආයතන විසින් මායිම් නොකරන තත්වයක් මේ වන විට ඇතිවී තිබේ. සීනි හා සහල් සඳහා පාලන මිල පැවතියද ඒවා වෙළඳපොලේ වැඩි මිලට අලෙවේ කෙරේ.
මේ අතර තොග මිල කවර ආකාරයෙන් අඩු වුවද සිල්ලර මිල අඩු නොවීමද බරපතල ප්‍රශ්නයක්වී තිබේ.

Share with your friends :