27 C
Colombo
19/01/2025

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි ගමන නවතන්නට නොහැකිවන ලකුණු

Share with your friends :

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝගය සාර්ථක නොවන බව මේ වන විට තහවුරුවී තිබේ. ඒ අදාල දෝෂාභියෝග යෝජනාව සෙනෙට් සභාවේ විවාදයට ගත යුතු නැතැයි කියවෙන යෝජනාවක් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් ගෙන ඒම නිසාය. එම යෝජනාව ගෙන එමින් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් පැවසුවේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කිරීමට ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවයි.
අදාළ යෝජනාවට සෙනෙට් සභාවේ ඡන්ද විමසීමෙදී 55 – 45 ක් ලෙස පරාජයට අත්වීම නිසා දෝෂාභියෝගය විවාදයට ගැනීමට තීරනය වුවද එය ජයගන්නට අවශ්‍ය තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයට රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් 17 කගේ ඡන්ද අවශ්‍යවේ,එහෙත් ඒ සඳහා ඇත්තේ ඡන්ද පහකි. මේ අනුව ට්‍රම්ප්ගේ ඉදිරි ගමන වළකාලන්නට නොහැකි වනු ඇත. දෝෂාභියෝගය පරාජය වුවහොත් ට්‍රම්ප් හට 2024 ජනාධිපතිවරණයට තරග වැදීමේ අවස්ථාව අහිමිවේ.

Share with your friends :