නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මේ අතුරින් ජනවාරි 13 සිට 26 දක්වා ගතවු දින 14 ක කාලය තුල පාසල් දරු දැරියන් 38 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද ඒ මහතා පවසයි. වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තාවන්නේ බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි.
ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකටද කොරෝනා ආසාදනය වී ඇති අතර කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හදුනාගෙන ඇත.