27 C
Colombo
19/01/2025

වතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුප ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Share with your friends :

වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇත.
ඒ සම්බන්ධයෙන් මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පෙරොන්දු වු පරිදි වැඩි කිරීමට පියවර ගන්නැයිද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇත. කෙසේවෙතත් වතු සමාගම් පවසන්නේ එම වැටුප ගෙවා සමාගම් පවත්වා ගෙන යා නොහැකි බවය. මේ අතර අදාළ වැටුප ගෙවීමට නොහැකි සමාගම් වල වතු නැවත රජයට පවරා ගෙන එම වැටුප ගෙවිය හැකි සමාගම් වෙත ලබා දීම සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත්වී තිබේ. මෙම රුපියල් දහසේ දෛනික දීමනාව ඉල්ලා වතු වෘත්තීය සමිති විසින් උද්ඝෝෂණ ගණනාවක් පවත්වන ලදී

Share with your friends :