27 C
Colombo
19/01/2025

ඉන්ධන මිල වැඩි කරන්නට ගම්මන්පිල ගෙනා යෝජනාව ජනපති ගෝඨාභය නවත්වයි

Share with your friends :

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුව ඇතත් මෙරට ඉන්ධන මිල වැඩි නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වෙත ප්‍රකාශ කර ඇත.ලෝක වෙළඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 54ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් සමාලෝචනයක් කළ යුතුව ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිළ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබිණි.
ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමෙන් ඛණිජ තෙල් සංස්ථාවට වැඩි බලපෑමක් එල්ල වන්නේ නම් මහා භාන්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඉන්ධන බදු අඩු කිරීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට උපදෙස් දී ඇත.
පසුගිය කාලයේ ලෝක ඉන්ධන මිල ඍන මට්ටමට පහල ගිය අතර ඒ අවස්ථාවේ උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ ඉන්ධන මිඅල අඩු කළහොත් ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යන බැවින් රජය ඉන්ධන මිල අඩු නොකරන බවයි.

Share with your friends :