ඉතාලියේ කොරෝනා ව්‍යාප්තවීමේ වගකීම භාර ගනිමින් ඉතාලි අගමැති ගුසේප් කොන්ටේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ ඔහු විසින් කොරෝනා මර්ධනය කල ආකාරය සම්බන්ධයෙන් එල්ලවූ විවේචන හේතුවෙනි. කොරෝනා වසංගතයෙන් ඉතාලියේ අසුපන් දහසකට වැඩි පිරිසක් මිය ගියහ.
එරට සෙනෙට් සභාවේ බලය මේ වන විට ඔහුට අහිමිවී තිබේ. මේ අනුව වඩා ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට ඉතාලි ජනාධිපතිවරයාට ඉඩ ලැබෙන අතර එසේ නොවුනහොත් මහා මැතිවරණයක් පවත්වන්නට සිදු වනු ඇත.
මේ ඉල්ලා අස්වීමේ තීරණය හෙට ඉතාලි ජනාධිපතිවරයාට නිල වශයෙන් දැන්වීමට නියමිතය.2018 වසරේදී ඉතාලි අගමැතිවරයා එම තනතුරට පත්විය.