27 C
Colombo
19/01/2025

තායිවාන අහසේ පියාසර කල චීන යුද ගුවන් යානාවලට අනතුරු හැඟවීම්

Share with your friends :

තායිවාන ගුවන් සීමාවේ චීන යුද ගුවන් යානා දෙවන දිනටත් පියාසර කල බවට තායිවානය චෝදනා කරයි. ඉරිදා දිනයේ තායිවාන අහසේ චීන යුද ගුවන් යානා 15 ක් ගමන් ගෙන තිබේ.
තායිවානය තමන් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන අතර චීනය එය සලකන්නේ තම රටේ කොටසක් ලෙසටය.
පසුගිය සෙනසුරාදා තායිවාන අහසේ පියාසර කල චීන යුද ගුවන් යානා අතර බෝම්බ ප්‍රහාරක ගුවන් යානා 8 ක්, ප්‍රහාරක ගුවන් යානා 4 ක් සහ සබ්මැරීන් ප්‍රති ප්‍රහාරක ගුවන්යානයක් ද වූ බවය. ඉරිදා තායිවාන අහසේ පියාසර කල චීන යුද ගුවන් යානා අතර ප්‍රහාරක යානා 12 ක් හා සබ්මැරීන් ප්‍රති ප්‍රහාරක යානා දෙකක්ද විය. මෙහිදී තායිවාන ගුවන් හමුදාව විසින් චීන යුද ගුවන් යනා වෙත අනතුරු හැඟවීම් නිකුත් කර ඇති අතර තම මිසයිල පද්ධතියද සුදානම් කර තිබේ.

Share with your friends :