27 C
Colombo
19/01/2025

එංගලන්තයට එරෙහිව දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රීලංකාව පරදී

Share with your friends :

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
ජයග්‍රහණයට අවශ්‍යවූ ලකුණු 164, කඩුලු 4ක් පමණක් දැවී රැස් කිරීමට සමත්වූ එංගලන්ත ක්‍රීඩකයෝ දින හතරකින් තරගය අවසන් කළහ.
දෙවැනි ටෙස්ට් තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 381ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම අද උදෑසන ලකුණු 344කට සියලු ක්‍රීඩකයින් දැවී ගියහ. ලකුණු 37ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 126කට සීමා වුයේ දුර්වල පිතිහරඹය නිසාය. එහිදී ලසිත් ඇඹුල්දෙනිය පමණක් ලකුණු 40 ක් ලබා ගත්තේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 164 කඩුලු 4ක් පමණක් දැවී ලබාගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
දෙවන ඉනිමේදීද ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 77ට කඩුලු 3 ක් දවා ගත්තේය. ඒ අනුව මෙම තරඟයේදී ලකුණු 214කට කඩුලු 10ක් දවා ගැනීමට ඔහු සමත් විය.
දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමටද සංචාරක කණ්ඩායම සමත් විය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පිටපිටම ටෙස්ට් තරඟ 4ක් පරාජය වී තිබේ. පසුගියදා දකුණු අප්‍රිකාව සමග එරටදී පැවති ටෙස්ට් තරඟාවලිය ද 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.මේ ආකාරයට ක්‍රීඩා කළහොත් ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයද පරාජය වීම වැළක්විය නොහැක. මීට මෙවැනි දුර්වල කණ්ඩායමක් තෝරාගත් තේරීම් කමිටුව මූලික වශයෙන් වගකිව යුතු අතර මේ ආකාරයට තරග පරාජය වෙද්දීත් ඔවුන් දිගටම ඒ ආකාරයෙන්ම තබා ගැනීමට බලධාරීන් කටයුතු කිරීම කණගාටුදායකය.

Share with your friends :