27 C
Colombo
24/11/2024

රේගුවේ සියලුම නිලධාරීන් ඉවත් කර හෝ දූෂණය නතර කරනවා – ජනපති

Share with your friends :

රේගු දෙපාර්තමේන්තුව මෙරට විශාලතම දූෂණ චෝදනා එල්ල වන තැනක් බව බවත් එම චෝදනා බොහෝ ඒවා ඇත්ත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
තමන් ඒ හේතුවෙන් එහි ප්‍රධාන තනතුරට හමුදා නිලධාරියෙක් පත් කළ නමුත් ඉදිරියේදී දරුණු තීරණ ගන්න සිදුවන බවත් ඒ මහතා පැවසීය.
අකාර්යක්ෂමතාව සහ දූෂණය නතර කරන්නට රේගුවේ සියලුම නිලධාරීන් ඉවත් කිරීමට සිදු වුවහොත් තමන් එය සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
කළුතර වලල්ලාවිට දී පැවති ගම සමග පිළිසදර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

Share with your friends :