27 C
Colombo
19/01/2025

චීනයේ යලිත් කොරෝනා භයානක පැතිරයාමක්-දැවැන්ත නිරෝධායන මධ්‍යස්ථාන ඇතිකෙරේ

Share with your friends :

චීනයේ යලිත් කොරෝනා පැතිර යන්නට පටන් ගෙන තිබේ. මේ වන විට චීනයේ දිනකට කොරෝනා රෝගීන් සියයත් දෙසීයත් අතර ප්‍රමාණයක් තැනින් තැන හමුවන බව සඳහන්ය. එරට ජනගහනය හා සන්සන්දනය කරන විට මෙය සුළු සංඛ්‍යාවකි. කෙසේ වුවත් මේ වන විට එය පැතිර යන ආකාරය පිලිබඳ චීන බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඒ අනුව මහා පරිමාන නිරෝධායන මධ්‍යස්ථාන චීන රජය විසින් ආරම්භ කර තිබේ. චීනයේ ශිජාශුවන් ප්‍රදේශයේ ඉදිකරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ 4160 දෙනෙකුට නිරෝධායන පහසුකම් ඇති කර තිබේ.
මෙහි එක පුද්ගලයෙකුට වර්ග අඩි 194 ක කාමරයක් ලැබෙන අතර සියලු පහසුකම්වලින් යුක්තය. එයින් පෙනී යන්නේ චීනය තවදුරටත් මෙම වයිරසය පැතිර යාමකට සුදානම් වන බවය. මේ වන විට චීනයේ මිලියන ගනනක් පිරිස් සහිත නගර ලොක්ඩවුන් කර තිබේ.
දින 242 කට පසු චීනයේ පළමු කොරෝනා මරණය පසුගිය බදාදා වාර්තා වූ අතර මේ වන විට බරපතල තත්වයෙන් පසුවන අසාධ්‍ය රෝගීන් 94 ක් එරට රෝහල්වල සිටිති.

Share with your friends :