27 C
Colombo
19/01/2025

හරීම් පීරිස් සහ නයිජල් හැච් විපක්ෂ නායක සජිත් සමග එක්වෙයි

Share with your friends :

ප්‍රවීණ දේශපාලන සහ සමාජ විශ්ලේශකයෙක් මෙන්ම විචාරකයෙකු වන හරීම් පීරිස් සහ කීර්තිමත් ජනාධිපති නීතිඥයකු වන නයිජල් හැච් යන මහත්වරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කර තිබෙන අතර ඉදිරියේදී ඔවුන්ගේ සහයත් සමඟි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ.
ප්‍රවීණ දේශපාලන සහ සමාජ විශ්ලේශකයෙක් මෙන්ම විචාරකයෙකු වන හරීම් පීරිස් මහතා ඉදිරියේදී සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය සහ වෘත්තීයවේදී අංශය සමග එක්ව කටයුතු කිරීමට නියමිතය. 
හරිම් පීරිස් මහතා මීට පෙර විවිධ ජ්‍යෙෂ්ඨ නිල තනතුරු රැසක්ම හොබවා ඇති අතර ඔහු හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය  ප්‍රකාශක, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති සහ පුනරුත්ථාපන හා ප්‍රතිසන්ධාන කාර්‍යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද සේවය කර ඇත. එමෙන්ම  නැවත පදිංචි කිරීමේ අධිකාරියේ සභාපති සහ ජාතික එක්සත් හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ (ONUR) සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව නීතිමය සහ වෘත්තීයවේදීමය වගකීම් රැසක් ඉටුකිරීමට නියමිතය.
වසර කිහිපයක් මුළුල්ලේ තීරණාත්මක නඩු කටයුතු රැසකට පෙනී සිට ඇති ඒ මහතා පසුගිය වකවානුවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

Share with your friends :