මෙරට සිදුව ඇති බව පැවසෙන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය නිර්දේශ කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල විමර්ශන කොමිෂන් සභාවක් පත්කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාය.
ජනවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් මගින් ස්ථාපිත කර ඇති මෙම කොමිසම විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව, දරුස්මාන් වාර්තාව සහ පරණගම කොමිසමේ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ද යළි සමාලෝචනය කිරීමට නියමිතය.
