රුසියාවේ විපක්ෂනායක ඇලෙක්සි නවලිනි අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුසියාව පුරා පැවති උද්ඝෝෂණවලදී පුද්ගලයන් තුන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව දසදහස් ගණන් පිරිස් රුසියාව පුරා උද්ඝෝෂණවල නිරත වෙති.
නවලිනි පසුගියදා ජර්මනියේ සිට රුසියාවට පැමිණි මොහොතේම අත්අඩංගුවට ගන්න ලද්දේ ගුවන් තොටුපලේදීමය. මොහු රුසියානු ජනාධිපති පූටීන්ගේ ප්රබලතම විවේචකයා වන අතර ඒ හේතුවෙන් රුසියානු රජයේ දැඩි තර්ජනයට ලක්ව සිටින්නෙකි. වස වර්ගයක් ශරීර ගත කර මොහු ඝාතන ප්රයත්නයකින් මොහු ගැලවුනේ ජර්මනියට රැගෙන ගොස් ප්රතිකාර කිරීම හේතුවෙනි.