27 C
Colombo
19/01/2025

ඔක්ස්ෆර්ඩ් එන්නත් 600,000 ක් 27දා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට – ජනපති

Share with your friends :

කොරෝනා ප්‍රතිරෝධි එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමේ පළමු පියවර ලෙස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කළුතර වලල්ලාවිටදි පැවැත්වෙන ගම සමග පිළිසදරක් වැඩසටහන සදහා එක්වෙමිනි.
මුලින්ම ලැබෙන එන්නත් තොගය පළමුවෙන්ම සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අංශ වල සේවයේ නියුතු පිරිසටද ලබාදෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වෛරසය ආසාදනය වැඩි ඉඩක් ඇති පිරිසට ලබා දෙන බවද කියා සිටියේය.

Share with your friends :