27 C
Colombo
19/01/2025

පොල් මිල ඉහල යාමට හේතුව පිටි කල පොල් කිරිද ?

Share with your friends :

පොල් මිල දිගින් දිගටම ඉහළයාමට හේතුව පිටි කල පොල් කිරි සඳහා පුද්ගලික සමාගම් විසින් විශාල වශයෙන් පොල් මිලදී ගැනීම බව අනාවරණය තිබේ.
මේ වන විට පොල් මිල ජනතාවට දරා ගත නොහැකි තරමට ඉහල ගොස් ඇති අතර ඒ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදී සිටිති.
මේ නිසා පිටිකළ පොල් කිරි සඳහා පොල් ලබා ගැනීමට පමණක් අදාල සමාගම් වලට පොල් ආනයනය සඳහා අවසර දීම මගින් පොල් මිල අඩු කර ගත හැකි වෙතැයි ඇතැම් පාර්ශව පෙන්වා දී තිබේ. එහෙත් පොල් ආනයනය තවත් ගැටළු රැසකට මුල් විය හැකි බවටද තවත් පාර්ශව පෙන්වා දී තිබේ.
මේ අතර පොල් සඳහා මිල පාලනයක් හඳුන්වා දීමට රජය ගත ප්‍රයත්නය මුළුමනින්ම අසාර්ථකවී තිබේ. ඒ හේතුවෙන් බර අනුව පොල් සඳහා මිලක් නියම කිරීමට යෝජනාවී තිබේ. එහෙත් එයද සාර්ථක වේදැයි කිව නොහැක්කේ ඇතැම් පළාත්වල පොල් ප්‍රමාණයෙන් කුඩාවීම නිසා රටටම ගැලපෙන මිලක් නියම කිරීම අතිශය ගැටලුකාරී වීම නිසාය.
මේ අතර තාවකාලිකව පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය තහනම් කිරීම මගින් පොල් මිල අඩුවනු ඇතැයිද යම් යම් පාර්ශව පෙන්වා දී තිබේ.

Share with your friends :