එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 381 කි.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් ලබාගැනීමට සමත් විය.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබාගත් අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 67 සහ ලහිරු තිරිමාන්න ලකුණු 43 ද ලබා ගත්හ.
පන්දු යැවීමෙන් ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන එංගලන්ත පිල කඩුලු දෙකක් දැවී ලකුණු 98 ක් ලබා සිටී.

next post