27 C
Colombo
19/01/2025

කොරෝනා අස්සේ ලයිසියම් පාසල් ගාස්තු ප්‍රමාදයට 10% සිට 50% දක්වා දඩත් ගහලා

Share with your friends :

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහය පාසල් ගාස්තු ප්‍රමාද වීමේදී එසේ ගෙවීම් ප්‍රමාද කරන දරුවන් ගෙන් 10%,20%,30%,50% ආදී වශයෙන් ප්‍රමාද ගාස්තු අය කිරීම නිසා දෙමාපියෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කොරෝනා වසංගතය නිසා දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින දෙමාපියන්ගෙන්ද මෙසේ ප්‍රමාද ගාස්තු අයකර තිබේ. ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ සිසුසිසුවියන් දහස් ගනනක් ඉගෙනුම ලබන අතර ඒ සෑම ශිෂ්‍යයෙකුම අවම වශයෙන් එක් වාරයක් සඳහා රුපියල් හතලිස් දහසක් පමණ බැගින් වසරකට වාර තුනකට මුදල් ගෙවිය යුතුය. මෙම මුදල් ගෙවීම ප්‍රමාද වුවහොත් ගෙවීමට ඇති මුළු මුදලින් මුල් මාසයේදී සියයට දහයක දඩ මුදලක්ද , දෙවන මාසයේදී සියයට විස්සක දඩ මුදලක්ද , තෙවැනි මාසයේදී සියයට තිහක දඩ මුදලක්ද ඉන්පසුව සිවුවන මාසයේ සිට සියයට පනහක දඩ මුදලක්ද අධිභාරයක් ලෙස අයකරනු ලබයි.
මේ අරුම පුදුම දඩ ක්‍රමය නිසා ලයිසියම් දෙමාපියෝ දහස් ගණනක් මේ වන විට දැඩි අසීරුතාවන්ට මුහුණපා සිටිති. කොරෝනා නිසා ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙමින් දැඩි අසීරුවෙන් පාසල් ගාස්තු ගෙවන විට දඩ මුදල්ද අයකිරීම දැඩි අසාධාරණයක් බව දෙමාපියන් ගනනාවක්ම අපවෙත පැවසූහ. බොහෝ දෙමාපියන් පැවසුවේ කොරෝනා වසංගතය නිසා තමන් සේවය කරන රැකියා ස්ථානවලින් නිසි පරිදි වැටුප් නොලැබීම, දීමනා කපා හැරීම ආදිය නිසා පාසල් ගාස්තු ගෙවීම බරපතල ප්‍රශ්නයක් වී ඇති බවයි.
දෙමාපියන් මේ සම්බන්ධයෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පාලනාධිකාරයෙන් සහන ඉල්ලා ඇතත් කිසිදු සහනයක් ලබා දී නැත.
කොරෝනා හේතුවෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසල පසුගිය වසරේ වැඩි කාලයක් වසා තිබුනද සම්පූර්ණ ගාස්තුවම අයකර ගෙන තිබේ. එසේ වුවද ගුරුවරියන්ගේ දීමනා අඩු කරන්නට හා කපා හරින්නට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබිණි. එසේම පාසල නොපැවැත්වීම නිසා පාසල පවත්වා ගෙන යන කාලයේ වැය වන විදුලිය හා ජලය ඇතුළු ගාස්තු සියල්ලම පාලනාධිකාරියට ඉතිරි වන බැවින් යම් ගාස්තු සහනයක් රජය මැදිහත්වී හෝ ලබා දෙන ලෙස ලයිසියම් දෙමාපියෝ ජනාධිපතිවරයා ගෙන් හා රජයෙන් ඉල්ලා සිටිති.

සබැඳි පුවත්

පාසල් ගාස්තු අඩු කරන්නැයි ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙමාපියෝ ඉල්ලති

Share with your friends :