27 C
Colombo
19/01/2025

හැමෝම කතාකරන මොකක්ද මේ IELTS ?

Share with your friends :

ඔස්ට්‍රේලියාව,එක්සත් රාජධානිය, කැනඩාව,අයර්ලන්තය,නවසීලන්තය ආදී ඉංග්‍රීසී භාෂාව මූලික කරගෙන අධ්‍යාපනය ලබන රටකට ඔයා යන්න ඉන්නවා නම් අනීවාර්‍යෙන්ම භාෂාවේ ප්‍රවීනත්වය ගැන සහතික කිරීමක් ඔයාට ඉදිරිපත් කරන්න වෙනවා.මේ සම්බන්ධව විභාග ගනනාවක් තිබුනත් බොහෝමයක් අවස්ථාවලදි අපිට අහන්න දකින්න ලැබෙන්නේ IELTS
( International English Language Testing System ) කියන විභාගයයි.
ඉතින් අද අපි මේ ගැන තොරතුරු ටිකක් කතා කරමු.
මම මුලින් කිව්වා වගේ විදේශයක අධ්‍යාපනය ලබන්නට , ස්ථීර පදිංචිය ලබා ගැනීමට හෝ රැකියාවකට යෑමට ආදී ඕනෑම අවස්ථාවකදි අපෙන් IELTS විභාගයේ ලබා ගත් ලකුනු අපේ ඉංග්‍රීසී දැනුම පෙන්වීමේ දර්ශකයක් ලෙස යොදා ගන්නවා.අයදුම්කරු සහ අදාල විදේශ රටත් නොවෙන් තුන්වන පාර්ශවයක් විසින් තමයි මේ විභාගය පවත්වන්නේ.අපිට හැකියාවක් තියනවා පුද්ගලිකවම හෝ පන්ති මාර්ගයෙන් දැනුම ලබාගෙන මේ විභාගයට මුහුන දෙන්න.
මේ විභාගයේ මූලික කොටස් හතරක් තියනවා.මේ හතරම සම්පුර්ණ කරාට පස්සේ තමයි ඔයාට විභාගය සමත් වෙන්න පුලුවන් වෙන්නේ.
අපි එදිනෙදා ව්‍යවහාරයේදී Bands කියලා හදුන්වන්නේ මේවා.
මේ කොටස් නම් වශයෙන් ගත්තොත් ,

1. Speaking
2. Listening
3. Writing
4. Reading

ඒ වගේම කියන්න ඕනේ මේ විභාගයට පාසල් ජීවිතේ දී සීයෙන් නෙමෙයි ලකුනු ලැබෙන්නේ. IELTS වලට ලකුනු ලැබෙන්නේ ලකුනු 9න්.ඔයාගේ එක් එක් බෑන්ඩ් එකට ලකුනු 9න් කීයද කියලා තමයි ලැබෙන්නේ.
ඒ වගේම කියන්න ඕනේ මේ විභාගයට පාසල් ජීවිතේ දී වගේ සීයෙන් නෙමෙයි ලකුනු ලැබෙන්නේ. BAND වලට ලකුනු ලැබෙන්නේ ලකුනු 9න්.ඔයාගේ එක් එක් බෑන්ඩ් එකට ලකුනු 9න් කීයද කියලා තමයි ලැබෙන්නේ.මේ හතරෙම සාමාන්‍ය අගය තමයි ඕවරෝල් බෑන්ඩ් ස්කෝර් එක වෙන්නේ.ඒකත් 9න් කීයද කියලා තමයි ඒ ලකුනු ප්‍රමානය සටහන් වෙන්නේ.
ඉතින් ඔයාට සිද්ධ වෙනවා මේ එක් එක් බෑන්ඩ් ගැනත් සැලකිලිමත් වෙන්න.නැත්තම් ඔයාගේ සම්පූර්න අගයට ඒක බලපානවා.
අනිත් කාරනාව සමහර කෝර්සස් වලදි මේ එක් එක් බෑන්ඩ්ස් වලට එක් එක් අගයන් ඉල්ලලා තියෙනවා.ඉතින් ඒ ගැනත් බලන්න ඕනේ විභාගට පෙනී ඉන්න කලින්,

මේ විභාගයය් මූලික වශයෙන් ආකාර දෙකකින් පැවැතෙනවා

1.Academic
2.General

ඔයා ඉගනගන්න නම් එන්නේ ඔය කරන්න ඔනේ Academic එක .ඔයා පදිංචියට නම් එන්නේ ඔයා බොහෝ දුරට කරන ඕනේ General එක.

Speaking Part

කොටස් තුනකින් සමන්විත වෙනවා.ඔයාට එක්සෑම් එක වෙලාවට එක්සැමිනර් කෙනෙක් ඔයාට ලැබෙනවා.ඔයා තියෙන්නේ එයත් එක්ක කතා කරන එක.
එයා ඔයාගෙන් මුලින්ම පොදු ප්‍රශ්න ටිකක් අහනවා.
නම , ඉන්න තැන වගේ දේවල්.
ඊලගට ඔයාට දෙනවා ටොපික් එකක් දෙනවා.ඒ ටොපික් එක ගැන ඔයා පොඩි කතාවක් කරන්න ඕනේ.ඔයාට විනාඩියක කාලයක් ලැබෙනවා සූදානම් වෙන්න විනාඩි දෙකක් කාලයක් කතා කරන්න සිද්ද වෙනවා.
ඊලග කොටසේදි එයාලා ඔයාට දුන්න ටොපික් එකේ ඔයා කතා කරපු දේවල් වලට අදාලව කෙටි ප්‍රශ්න ටිකක් අහනවා.
මේ සම්පූර්න වැඩේට පැය භාගයක් වගේ තමයි යන්නේ.එතනින් ඔයාගේ Speaking Test එක අවසන් වෙනවා

Writing

මේකේ කොටස් දෙකක් තියනවා.

ඇකඩමික් එකේ දි බොහෝ විට ඔයාට ප්‍රස්ථාරයක් වගේ දෙයක් ඇනලයිස් කරන්න වගේ ලැබෙනවා.සමහර විට චිත්‍රයක් වගේ දෙයක් විස්තර කරන්න වගේ දෙයක් ලැබෙනවා.

ජෙනරල් එකේ දී මේක ඔයාට ලියුමක් වගේ අපි එදිනදා පාවිච්චි කරන දෙයක් ලියන්න තමයි ලැබෙන්නේ.

Reading

මේ කොටස ඇතුලෙදි ඔයාට තියෙන්නේ ජේද කීපයක් කියවලා ඒ සම්බන්ධ ප්‍රශ්න කිහිපයකය උත්තර ලියන්න.

අවසාන වශයෙන් Listening

මේක තුලදි ඔයාට ලැබෙනවා හෙඩ් ෆෝන් එකක්.පටිගත කරන ලද දෙබස් කොටස් කිහිපයකට සවන්දෙන්න සහ ඒ අනුව ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා දෙන්න තමයි වෙන්නේ.
කෙටි පිලිතුරු සහ MCQ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ.
සරලවම ඔන්න ඔය වගේ දේවල් කිහිපයක එකතුවක් කියලා කියන්න පුලුවන් IELTS කියන්නේ.

Malintha Lakmal

Share with your friends :