මාස තුනක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි සිටි අල් බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා යලිත් පළමු වරට ජනතාව ඉදිරියේ පෙනී සිටියේය.ඔහු සිටින ස්ථානය ගැන නිසි හෝඩුවාවක් නැතත් ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව ඇමතීය.
පසුගිය තුන් මාසය මුළුල්ලේ ඔහුගේ අතුරුදන් වීම ලොව පුරා ජනතාවට ප්රධානතම ප්රවෘත්තියක් විය.
මේ වන විට ඔහුගේ අලි බබා සමාගම චීන රජයට පවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. මෙහිදී ඔහු චීනයේ ගම්බද ප්රදේශවල ගුරුවරුන් සිය දෙනෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීය. ජැක් මා ප්රසිද්ධියේ පෙනී සිටි ආරංචියත් සමග හොංකොං කොටස් වෙළඳපොලේ අලිබබා සමාගමේ කොටස් මිල සියයට පහකින් ඉහල ගියේය.