27 C
Colombo
19/01/2025

ජාතිවාදී පදනමින් පොලීසියට බඳවා ගැනීම නොකරන්න – නාහිමිවරු ජනපතිට ලියයි

Share with your friends :

අන්තවාදී අදහස් ඇති කණ්ඩායම්වලට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීමට පහසුවන මාර්ග සැකසීම ජාතික ආරක්ෂාවටත් නීතියේ ආධිපත්‍යයටත් තර්ජනයකැයි නාහිමිවරුන් ඇතුළු හිමිවරු 12 නමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටිති.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ජනපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතීඥයින් 150දෙනෙකු බඳවාගැනීමටත්, ඔවුන් දෙමළ භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් ලබාතිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා බැලීමටත් ගත් තීරණයක් සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර තිබේ.
එම තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ජනතා ද්‍රෝහී තීරණයක් බව විස්තර කරමින්, එය ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීම මෙම ලිපියෙහි අරමුණය. අපේ රට පිළිබඳව හෝ ජනතාවගේ යහපත හා ආරක්ෂාව පිළිබඳව හෝ අබමල් රේණුවක තරමේ හෝ තැකීමක් හෝ දැනුමක් ඇති තැනැත්තෙකුටනම් මෙතරම් ආඥාන හා භයංකාර තීරණයක් කෙසේවත් ගත නොහැකි බවද මෙම තීරණයේ හරයට කිඳා බැස එහි අනාගත ප‍්‍රතිථල කවරේද යන්න විශ්ලේෂණය කිරීමේ දී එය ඉතා සූක්ෂම ලෙස ගෙන තිබෙන අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තවාදයේ තවත් එක් පියවරක් පමණක් බව පැහැදිලි බවද එහි සඳහන්ය.
මෙම සටහන මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව කරන්නක් නොව අහිංසක මුස්ලිම් ජනතාව බිල්ලට ගෙන තම පටු හා අන්තවාදී අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා දේශපාලන බලය අවබාවිතා කරන බලලෝභී මුස්ලිම් දේඥපාලඥයින්ගේ ජනතාද්‍රෝහී කි‍්‍රයාවන්ට එරෙහිව කරන්නක් බවත් එහි වින්දිතයින් වන්නේ මුස්ලිම් ජනතාව වන අතර ප‍්‍රතිලාභීන් වන්නේ එකී කූට මුස්ලිම් දේශපාලන නායකයින් බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.
මෙම ලිපියට ඇල්ලේ ගුණවංශ හිමි , බෙංගමුවේ නාලක හිමි , මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , ඕමාරේ කස්සප හිමි , අතපත්තුකන්දේ ආනන්ද හිමි ඇතුළු හිමිවරුන් අත්සන් තබා ඇත.

Share with your friends :