27 C
Colombo
19/01/2025

ජෝ බයිඩන් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

Share with your friends :

ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේ වොෂින්ටනයේදී පැවති වර්ණවත් අභිමානනීය උත්සවයකදී අද දිවුරුම් දුන්නේය. එසේම කමලා හැරිස් උප ජනාධිපතිවරිය ලෙසද දිවුරුම් දුන්නාය.ඇමරිකාවේ පළමු උප ජනාධිපතිවරිය වන්නේද ආසියානු සම්බවයක් ඇති ප්‍රථම උප ජනාධිපතිවරියද ඇයයි. දැඩි ආරක්ෂා රැකවල් මැද පැවති දිවුරුම් දීමේ අවස්ථාවට ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ බිරිඳ ජිල් බයිඩන් , හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා , බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ් මෙන්ම ධුරයෙන් සමුගන්නා උප ජනාධිපති මයික් පෙන්ස් ද තම බිරින්දෑවරු සමග සහභාගී වුහ. එසේම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු විනිසුරුවරියන්ද , සෙනෙට් සභිකයන් පිරිසක්ද නව ජනාධිපතිවරයාගේ සහ උප ජනාධිපතිවරියගේ පවුලේ සාමාජිකයන්ද මේ අවස්ථාවට සහභාගී වුහ.
Lady Gaga ඇමරිකානු ජාතික ගීය ගායනය කල අතර Jennifer Lopez ගීයක් ගයමින් මේ අවස්ථාවට සහභාගිවෙමින් උත්සවය වර්ණවත් කළාය.
දිවුරුම් දීමෙන් පසුව ජෝ බයිඩන් ජාතිය ඇමතීය.
2020 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන් මීට පෙර 2009 සිට 2017 දක්වා ඇමරිකාවේ උප ජනාධිපති ධුරය දැරීය. 1789 දී පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂින්ටන් තේරී පත්වූ අතර එතැන් පටන් මේ දක්වා ජනාධිපතිවරුන් 45 දෙනෙකු එම ධුරයේ කටයුතු කර තිබේ.

Share with your friends :