ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අවසන් වතාවට ධවල මන්දිරයෙන් පිටත්ව ගිය අවසථාව ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්විය. සිය බිරිඳ මෙලනියාගේ අතින් අල්ලාගෙන ධවල මන්දිරයෙන් පිටතට පැමිණි ට්රම්ප්ගේ මුහුණේ බැරෑරුම් සහගත ස්වභාවක් සේම කලකිරුණු ස්වාභාවක්ද තිබිණි.
ධවල මන්දිරයෙන් නික්මගිය ට්රම්ප් මෙරිලන්ඩ් හි පැවැත්වෙන ජනපති ධුරයෙන් සමුගැනීමේ නිල උත්සවයට පසුව එතැන් සිට Air Force One නිල ගුවන්යානයෙන් ෆ්ලොරිඩා බලා යාමට නියමිතය. එතැන් සිට ඔහු Palm Beach හි පිහිටි Mar-a-Lago සුපිරි නිවහනේ සිට හිටපු ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.
Photos – Reuters