ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. මේ අනුව පසුගිය දින වල පහල ගොස් යලි ඉහල ගිය රුපියලේ අගය මේ වන විට යලිත් පහල යන්නට පටන් ගෙන තිබේ. කෙසේවෙතත් රජය දැඩි ලෙස ආනයන සීමා කර තිබෙන අවස්ථාවක රුපියලේ අගය මේ ආකරයට ඵල යාම බරපතල කාරණයකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් මේ තත්වය මත ආනයන කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය මිල ගණන් වලට දැඩි බලපෑමක් ඇති කරනු ඇත. එය දැනට දැඩි ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙමින් සිටින ජනතාව මත විශාල පීඩනයක් ඇති කරනු ලබයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඩොලරයේ අගය ඉහළයාම සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරමින් සිටින බවත්, මෙය යම්කිසි තාවකාලික තත්ත්වයක් වන අතර එය ඉදිරියේදී යම් මට්ටමකින් සමනය වනු ඇති බවයි.