ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් අද දිවුරුම් දීමට නියමිතය. වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පසුගියදා එල්ලවූ ප්‍රහාරය හේතුවෙන් දිවුරුම් දීමේ උත්සවය සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දී තිබේ. එසේම ට්‍රම්ප් ගේ ආධාරකරුවන් කලබල ඇති කරනු ඇතැයි තිබෙන සැකය මත රට පුරා සියලුම ප්‍රාන්ත වල ආරක්ෂාවද තර කර තිබේ.
මේ අතර දිවුරුම් දීමේ උත්සවයේ ආරක්ෂාව සඳහා ඇමරිකානු විශේෂ ආරක්ෂක භටයන් විසිදහසකට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.
මේ අතර එම ආරක්ෂක භටයන් අතරින් දොළොස් දෙනෙකු වහාම ඉවත් කිරීමට ඇමරිකානු ෆෙඩරල් තොරතුරු ඒකකය විසින් කටයුතු කරන ලදී. එසේ ඉවත් කර ඇත්තේ ඔවුන් විසින් යවන ලද කෙටි පණිවිඩ හා අන්තවාදී මත සම්බන්ධයෙන් සැක මතු කරමිනි. මෙම පිරිසේ ඇතැමුන් අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධකම් ඇත්දැයි සොයා බැලීමට නියමිතය.