ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපතිවරයා ජනාධිපති ලේකම්වරයාට අද (19) දැනුම් දී ඇත.
පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දී ඇමෙරිකාව සමඟ MCC ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණත් අදාළ ගිවිසුම අත්සන් නොකරන බව ජනතාවට දැනුම් දුන් අතර රජය බලයට පත්වීමෙන් පසුව MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
එම කමිටු වාර්තාව හා කරුණු සළකා බැලීමෙන් පසුව MCC ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන් බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිණිය පවසයි.