මේ වන විට කොරෝනා වයිරසය ලොව සෑහෙන්න පිරිසක් වනසා අවසන්ය. ජීවිත පමණක් නොව රැකියා , සුවිශාල සමාගම් පමණක් නොව එකී නොකී සියලුදේ නැතිකළ කොරෝනා වයිරසය මුල් කාලයේ කොරෝනා වයිරසය පැතිරයාම වැලක්වීමට වඩා චීන රජය ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් වාර්තා කිරීම වැලක්වූ ආකාරය දැක්වෙන වීඩියෝවක් AlJazeera මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 3 DAYS THAT STOPPED THE WORLD මෙම වාර්තා වැඩසටහන මගින් චීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු විසින් මෙම වයිරසය පැතිරගිය ආකාරය , රෝහල් පිරී ගිය ආකාරය වාර්තා කර තිබේ. 2020 ජනවාරි 19 සිට ජනවාරි 22 අතර කාලයේ චීනයේ වුහානි නගරයේ සිදුවූ සැබෑ සිදුවීම් පිලිබඳ ලොව මෙතෙක් නුදුටු රූපරාමු මෙහි අඩංගුය.